Monday, May 6, 2024

General line - 0115112241

කුක් සමකළ ඇලන් බෝඩර්ගේ වාර්තාව

කසුන් කැලුම්




අඛණ්ඩව වැඩිම ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරමින් ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක ඇලන් බෝර්ඩර්ගේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව සම කිරීමට එංගලන්ත ආරම්භ පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් අද (24) සමත් වුණා. එ් සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. 

ඇලන්බෝඩර් මෙම වාර්තාවට මීට පෙර හිමි කීවේ ටෙස්ට් තරග 153කට අඛණ්ඩව කී‍්‍රඩා කරමින්. පාකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන්නේ ඇලෙස්ටෙයාර් කුක් අඛණ්ඩව සහභාගිවන 153 වන ටෙස්ට් තරගයයි. ඕස්ට්‍රේලියානු හිටපු නායක මාර්ක් වෝ අඛණ්ඩව ටෙස්ට් තරග 107ක් හා ඉන්දීය හිටපු නායක සුනිල් ගවස්කාර් අඛණ්ඩව ටෙස්ට් තරග 106ක් කී‍්‍රඩා කර තිබෙනවා. 

නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් අඛණ්ඩව ටෙස්ට් තරග 101ක් කී‍්‍රඩා කරමින් අඛණ්ඩව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් කි‍්‍රඩා කළ කී‍්‍රඩකයන් අතර පසුවන්නේ පස්වන ස්ථානයේයි.

අඛණ්ඩව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින්

01. ඇලන් බෝඩර් - තරග 153 - (ඔස්ටේ‍්‍රලියාව) - 1979-94
02. අලෙස්ටෙයාර් කුක් - තරග 153 - (එංගලන්තය) - 2006-18
03. මාර්ක් වෝ - තරග 107- (ඔස්ටේ‍්‍රලියාව)- 1993-02
04. සුනිල් ගවස්කාර - තරග 106 - (ඉන්දියාව) - 1975-87
05. බ්‍රෙන්ඩන් මැකලම් - තරග 101 - (නවසීලන්තය)- 2004-16