Monday, May 6, 2024

General line - 0115112241

හැංගිලා ඉඳපු අපරාධකාරයෝ රජයේ අනුග්‍රහයෙන් අපරාධ කරනවා - දෙහිවල ගල්කිස්ස මන්ත්‍රී ඝාතනය ගැන ලොකුගේ කියන කතාව

ලහිරු කපුගේ




සැගවී සිටින අපරාධකරුවන් රජයේ ආධාර සහ අනුබල යටතේ යළිත් ඝාතන සිදුකරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවාග දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර කේ රංජන් ද සිල්වාගේ ඝාතනයද එහි එක් ප‍්‍රතිඵලයක් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේ පැවසුවේ'

"රටපුරා මේ විදියට නාඳුනන තුවක්කුකරුවෝ ඝාතන කරමීන සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. ඉස්සර හැංගිලා හිටපු කුඩුකාරයෝ ත්‍රස්තවාදියෝ දැන් මේ අපරාධ කරනව. රජයේ අනුග්‍රහයෙන් ඒ අය රජ කරන තත්වයට පත්වෙලා තියෙනවා."

 .   

ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනවා.