Wednesday, May 1, 2024

General line - 0115112241

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ තරග ජය උතුරු මැදට සහ දකුණට

කසුන් කැලුම්




44වන ජාතික මහා කි‍්‍රඩා උළෙලේ කාන්තා සහ පිරිමි ඇවිදීමේ තරග අද නිමාවට පත්වුණා. ඒ කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදීයි. පිරිමි ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම උතුරු මැද පළාත නියෝජනය කළ ඞී එම් අයි එස් එස් දුනුකාර විසින් දිනා ගත්තා. තරග නිමි කාලය පැයයි විනාඩි 39යි තත්පර 26ක්.

කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම දකුණු පළාත නියෝජනය කළ පී බී ගයානි විසින් දිනා ගත්තා. ඇය දැක්වූ දක්ෂතාව පැයයි විනාඩි 52යි තත්පර 23ක්.