Wednesday, May 1, 2024

General line - 0115112241

සද මත ඇවිද ගිය සිවුවන්නාගේ නික්ම යාම (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සද මත ඇවිද ගිය ලොව සිවුවැනි පුද්ගලයා වන අමෙරිකානු ගගනගාමී ඇලන් බීම් ඊයේ (26) අභාවප්ප්‍රාප්ත වූ බව විදෙස් වාර්තා සදහන් කර සිටිනවා.
මිය යන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

ඇමෙරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවරයෙක් වන ඇලන් බීම් දෙවරක් අජටාකාශය තරණය කිරීම සදහා නාසා ආයතානය විසින් තෝරා ගනු ලැබූ අතර ඇපලෝ -12 යානාවේ චාරිකාවට එක්වූ ඔහු සදමත ඇවිද ගිය සිවුවෙනි පුදගලයා බවට පත්වුනා. ඒ 1969 වසරේදී.

සිය අභ්‍යාවකාශ වෘත්තියට ස්මුදිමෙන් අනතුරුව කලාකරුවෙක් ලෙස තමන් අභ්‍යවකාශයේ දුටු දේ පිලිබදව චිත්‍රයට නැගීමට කටයුතු කල අතර ඒ හරහා ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.