Saturday, May 11, 2024

General line - 0115112241

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළ පොත්




ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළ පොත් ලබාදීමට තමන් උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ දණ්ඩගමුව පුරාණ විහාරයේ නවාතැන්ගෙන සිටින පවුල් සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් ප්‍රදේශවල සිසු දරුවන්ගේ සියලූ පොත්පත් හානි  වූ බව තමන්ට වාර්තා වී ඇති හෙයින් එම ස්ථානවලට ගොස්  පොත් පත් අවශ්‍යතා පිළිබඳව නිවැරදි වාර්තාවක් තමන්වෙත ලබාදෙන්නැයි කලාප අධ්‍යක‍ෂවරුන් මගින් දැනුම්වත් කළ බවද එහිදී  අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.