Monday, May 13, 2024

General line - 0115112241

ඉන්ෆ්ලූවෙන්සා වෛරසයෙන් ගාල්ලේ මියගිය ළමුන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට

ලලිත් චාමින්ද - ගාල්ල




දකුණු පළාත තුළ පැතිරයමින් ඇති ඉන්ෆ්ලූවන්සා හා ඇඩිනෝ වෛරසය ආසාධනය වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පැවසුවේ මෙම වෛරසයට ගොදුරුවීමෙන් ඉකුත් දින දෙක තුළදී පමණක් කරාපිටිය රෝහලේදී දරුවන් තිදෙනෙකු මිය ගිය බවයි. 

කෙසේ වෙතත් මෙම වෛරස් ආසාධන තත්ත්වය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.