Tuesday, May 7, 2024

General line - 0115112241

බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න

දිල්ශාන් තුෂාර




ඉතිරි මුදල් හෝ ටිකට් පතක් ලබා නොදෙන බස් රථ පිළිබදව දැනුවත් කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගීන්ගෙන් යළි ඉල්ලීමක් කරනවා.

එ් පිළිබද ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට සිය කොමිසන් සභාව සූදානම් බවයි එහි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.

නියම කළ මිලට වැඩියෙන් ගාස්තු අය කරන බස් රථ පිළිබද දැනුම් දීමට මෙහිදි විශේෂ දුරකතන අංකයක්ද හඳුන්වා දුන්නා.

දුරකතන අංක 011 555 95 95 වෙත මෙවැනි ගැටළු පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කළ හැකියි.