Tuesday, May 7, 2024

General line - 0115112241

ටී.බී ඒකනායක FCIDයට

කසුන් කැළුම්




හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද (28) කැඳවා තිබෙනවා.

ඒ, සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ඒ පිළිබඳව ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස ඉකුත් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනුම් දී තිබුණ ද එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් පැමිණිය නොහැකි බව හිටපු අමාත්‍යවරයා දන්වා තිබුණා.

ඒ අනුව අද පෙරවරු 10.00ට හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති.