Wednesday, May 8, 2024

General line - 0115112241

ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි

කසුන් කැළුම්




ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ ගංවතුරෙන් හානියට පත් වූ නිවාස හා දේපළ වටිනාකම් තක්සේරු කිරීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (28) සිට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ අවධායෙන් පසුවන ලෙයසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප‍්‍රජාවට දැනුම් දෙන්නේ.