Friday, May 3, 2024

General line - 0115112241

දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් IPL කිරුළ දිනයි

කසුන් කැළුම්




මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (27) රාත‍්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී කේන් විලියම්සන්ගේ සන්රයිසස් කණ්ඩායම කඩුලූ 08කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 06ක් දැවී ලකුණු 178ක් රැස් කළා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලූ 02ක් දැවී එම ඉලක්කය පසු කරමින් අයි පී එල් ශූරතාව දිනා ගත්තා.

චෙන්නායි කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය ශේන් වොට්සන් පන්දු 57ක දී නොදැවී ලකුණු 117ක් රැස් කළා. ඔහුගේ ඉණිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි පී එල් ශූරතාව දිනූ 03වන අවස්ථාව ද මෙය වනවා. ඔවුන් අවස්ථා 04ක දී අයි පී එල් අනුශූරයින් බවටද පත්වුණා.