Monday, May 13, 2024

General line - 0115112241

රිවෝල්වරයක් හා පිස්තෝලයක් සමග දෙන්නෙක් කටානේදී අල්ලයි




විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කටාන කළුවාරිප්පුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

මේ අතර විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද එම නිලධාරීන් විසින් කටාන ඉද්දගොඩැල්ල ප‍්‍ර‍්‍ර‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනාම මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.