Monday, May 13, 2024

General line - 0115112241

බදුල්ල කොළඹ මාර්ගය පුපුරයි - මාර්ග සංවර්ධන අධිකාරියෙන් පැලැස්තර (PHOTOS)

සමන් පාලිත නානයක්කාර




බදුල්ල කොළඹ මහා මාර්ගයේ වල්හපුතැන්න ප්‍රදේශයේ මීටර් 500ක පමණ කොටසක් විදාරණය වෙමින් පවතිනවා. දින කිහිපයකර පෙර මීටර් 150ක පමණ මාර්ග කොටසක සුළු ඉරි තැලීම් දක්නට ලැබුණ අතර මේ වනවිට එය ව්‍යාප්ත වී තිබෙනවා.

A4 මාර්ගයේ 195 වැනි කිලෝ මීටර් කණුව ආසන්යේ මෙම ඉරි තැලීම් දක්නට ඇති අතර, ඊට ඉහළින් පිහිටි ගිණිගත් ගල කන්ද පසුගියදා නායයාමකටද ලක්ව තිබෙනවා. එමගින් ගලා එන ජලය හා සුන් බුන්ද ගමන් ගනු ලබන්නේ මෙම මාර්ග කොටස හරහාවීමද විශේෂත්වයකි.

මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු වගකිවයුතු ආයතනවල නිලධාරීන් අද (28) පෙරවරුවේ මෙම ස්ථානය පරීක්ෂාවට ලක්කළ අතර, ඉරිතලා ගොස් ඇති ස්ථානයන් තාර යොදා වසා දැමීමට තීරණ කර තිබෙනවා.

මෙම මාර්ගය නාය යාමකට ලක්වුවහොත් විකල්ප මාර්ගද නොමැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මෙම ප්‍රදේශයට පසුගිය දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබුණා. මෙම ස්ථානය ආසන්නයේ වල්හපුතැන්න ආනන්ද මධ්‍ය විද්‍යාලයද පිහිටා තිබෙනවා.