හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අද (28) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා. ඒ, සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ අනුව මේ වනවිට හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කරමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 24 වනදා ද හිටපු අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණා. එහෙත් එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් පැමිණිය නොහැකි බවටයි හිටපු අමාත්‍යවරයා දැනුම් දී තිබුණේ.