Tuesday, December 24, 2024

General line - 0115112241

දකුණේ උණ නිසා කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ දැඩි තදබදයක්

දිල්ශාන් තුෂාර




දකුණු පළාතේ පවතින ඉන්ෆ්ලූවෙන්සා වෛරස් උණ රෝගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තදබදයක් හටගෙන තිබෙනවා. දකුණු පළාතේ ග‍්‍රාමීය රෝහල්වලින් රෝගීන් වැඩි වශයෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීම මීට හේතුව බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂ, වෛද්‍ය ජයම්පති සේනානායක කියා සිටියේ. 

පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු ළමුන් 11 දෙනෙකු මියගිය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.