Saturday, May 11, 2024

General line - 0115112241

කිලිනොච්චියේ අපරාධ රැසකට සම්බන්ධ ගැටවරයින් 02ක් අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




කිලිනොච්චිය ප‍්‍රදේශයේ සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කිලිනොච්චිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීයි.

තිරුචෙල්ලම් තුයියවන් නොහොත් සදීශ් හා කාලිදාසන් ප‍්‍රදීපන් නොහොත් අරුල් නමැති 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ප‍්‍රදේශයේ වෙළඳසැල්වලට ඇතුළු වී දේපළවලට හානි කිරීම, කිලිනොච්චිය කනගපුරම් විද්‍යාලයේ ක‍්‍රීඩා පිටිය වටා ඉදි කරමින් පැවති තාප්පය කඩා විනාශ කිරීම, ගවයින් සොරකම් කිරීම සහ පුද්ගලයෙකුට පහරදී යතුරුපැදියක් කොල්ලකෑම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.