Friday, May 3, 2024

General line - 0115112241

මාලිංගට කි‍්‍රකට් ආයතනයෙන් උත්තර (VIDEO)

දිල්ශාන් තුෂාර/ නිශාන් ද සිල්වා




තණතීරු සැකසීම සම්බන්ධයෙන් කී‍්‍රකට් කී‍්‍රඩක ලසිත් මාලිංග සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද (28) දිනයේ අදහස් පළ වුණා. මේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා.

හිටපු කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද අදහස් පළ කළා.


.................................................................................................................................................

තරග පාවාදීම් ගැන කි‍්‍රකට් ආයතනයටත් සැකයක්

(28-05-2018 19:39)

තරග පාවාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (28) ප‍්‍රතිචාර දැක්වුවා. ඒ කොළඹ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා කියා සිටියේ ගාල්ලේ පැවති ඔස්ට්‍රේලියාව අතර ථරගයෙඅ සම්බන්ධයෙන් විනිශ්චකාරවරුන් හෝ තරග තිරකවරයාගෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි. එමෙන්ම ක්‍රිකට් නිලවරණය ආසන්න වෙන විට මෙවැනි සිදුවීම් ඇතිවීමේ සැකයක්ද පවතින බවයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කරන පරික්ෂණ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

"මේ තත්ත්වය ගැන වාර්තා වූ විගස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයිසිසි ය දැනුවත් කල බවත් ඔවුන්ගේ පරීක්ෂණ වලට සහය ලබා දීමට සුදානම් බවද ප්‍රකාශ කර සිටියා. එමෙන්ම විශේෂ කමිටු රැස්වීමකදී ගත් තීරණයක් මත අපරාධ විමර්ශන කොට්ඨාශයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කල බවයි. ඊට අමතරව ඒ ගැන සොයා බැලීමට ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කල බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා කියා සිටියා."

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ සිදුවූ බව කියන තරග පාවාදීම සම්බන්ධයෙන් මෙරට කි‍්‍රකට් ක්ෂේත‍්‍රයට සම්බන්ධ දෙදෙනෙකුට චෝදනා එල්ල වනවා. එක් අයෙකු වන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ සහය කළමනාකරු සහ තනතීරු සකසන්නා වන තරංග ඉන්දිකයි. පළමු පෙළ කි‍්‍රඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ටද මෙහිදී චෝදනා එල්ල වුණා. 

බුකිකරුවන්ගේ ඉල්ලීම් පරිදි ගාල්ල තණතීරුව වෙනස් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද අද අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෝදනා එල්ල කිරීමට නොහැකි බවත් තණ තීරු සකසන්නන්ට එරෙහිව කටයුතු කල බවයි.

මේ අතර තරග පාවාදිම් සඳහා සම්බන්ධ වූ බවට හිටපු කි‍්‍රකට් කි‍්‍රඩකයින් දෙදෙනෙකු වන ජිවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ හටද තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් නෙත් ස්පෝට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔවුන් දෙදෙනාම අදාළ චෝදනා ප‍්‍රතික්ෂේප කළා. 

මේ අතර තණතීරු සැකසීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද අද දිනයේ අදහස් පළ වුණා. ඒ පිළිබඳ තොරතුරු රාති‍්‍ර 10 අපගේ මීළඟ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.