Thursday, May 2, 2024

General line - 0115112241

තරග පාවාදීමේ චෝදනාව අලුත් මගකට

තරංග රුක්ෂාන් ජයසේකර




මුදලට තරග පාවාදීම සහ තරගයේ අවස්ථා මෙන්ම මුදලට තණතීරු වෙනස් කිරීම සම්බන්ධයෙන් මේවනවිට ශී‍්‍ර ලංකාව තුළ දැඩි කථාබහක් මතුව තිබෙනවා. මේවනවිට එලෙස චෝදනාවට ලක්වන එකම රට ශි‍්‍ර ලංකාව පමණක් නොවේ. එංගලන්තයට සහ ඔස්ටේ‍්‍රලියාවට ද දැන් තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනාව එල්ල කර ඇත්තේද ශී‍්‍ර ලංකාවට චෝදනා කළ අල් ජසීරා රූපවාහිනි නාලිකාවයි. 

ඉන්දියාව සහ එංගලන්තය අතර 2016 චෙන්නායි නුවර පැවැති ටෙස්ට් තරගයේදී හා ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර 2017 වසරේ රන්චි හි පැවැති තරගයේදී මුදලට තරග පාවා දී ඇති බවයි ඔවුන් පවසන්නේ. අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ වාර්තාවට අනුව එම තරග දෙකේදී ඔස්ටේ‍්‍රලියා සහ එංගලන්තයේ ඇතැම් කී‍්‍රඩකයින් බුකීකරුවන්ට පොරොන්දුවූ ලකුණු සංඛ්‍යාව පමණක් රැස් කර තිබෙනවා. ඊට සම්බන්ධ වූ කි‍්‍රඩකයින්ගේ නම් එහිදී අනාවරණ නොකිරීමද විශේෂත්වයක්. 

කෙසේවෙතත් ඔස්ටේ‍්‍රලියා සහ එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් පවසන්නේ මෙම චෝදනා ඔප්පු කළ හැකි කිසිඳු පැහැදිලි සාක්ෂියක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.