Thursday, May 2, 2024

General line - 0115112241

පන්දුව පළුදු කර ලොවේම අපහාස ලද ක්‍රීඩකයින් යළි ක්‍රිකට් පිටියට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත තරග තහනමකට ලක් වූ  ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් යළි කි‍්‍රකට් පිටියට පිවිසීමට සූදානම් වනවා.

ඒ ලබන ජූලි මාසයේදීයි.

සීමිත පන්දුවාර ලීග් කි‍්‍රකට් තරගාවලියක් සඳහා ඔවුන් සහභාගි වනු ඇති බවටයි මේ වනවිට වාර්තා පළ වී ඇත්තේ.

තරග තහනමට ලක් වූ හිටපු නායක ස්ටීව් ස්මිත්ද ලබන මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක කාලයක් ඔහුට ජාත්‍යන්තර සහ බිග්බෑෂ් කි‍්‍රකට් තරගාවලි තහනම් කෙරුණා.