Thursday, May 2, 2024

General line - 0115112241

ක‍්‍රිකට් කළු පැල්ලම රජය භාරගත යුතුයි - අර්ජුනගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ සිදු වූ බව කියන තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අද (29) අදහස් පළ කළා. ඒ කඩවත පැවති උත්සවයකට එක් වෙමින්.

2015 වසරේ තමන් ක්‍රිකට් ගැන කතා කලත් සුදුකරුවන් සිටින තැන මිට වඩා දේවල් සිදුව ඇති උනත් එයින් අනාවරණය වුනේ සුළු ප්‍රමාණයක් බව කියා සිටි අමාත්‍යවරයා තමන් ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ වෙත මේ පිලිබදව දැනුම් දුන් නිසා ඒ සියලු වගකීම් වලින් තමන් නිදහස් බව කියා සිටියා. එමෙන්ම පසුගිය සමයේ සිටි සියලුම ක්‍රීඩා ඇමතිවරුන් මේ තත්ත්වය ගැන වගකිවයුතු බවද අර්ජුන රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙහි වගකීම වත්මන් රජයද භාරගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.