Thursday, May 2, 2024

General line - 0115112241

අපි ලොවක් ඉදිරියේ හෑල්ලුවට ලක්වෙලා - හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරග පාවාදීම් ගැන කතා කරයි

කසුන් කැලුම්




තරග පාවාදීම් පිළිබදව තමන් කළ අනාවරණයන් පිදිබදව දැන් දැන් තහවුරුවෙමින් ඇති බව හිටපු කී‍්‍රඩක ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ පවසනවා. අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණයෙන් එ් බව සනාථ වන බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ. 

ඉකුත් වසරේ පැවති සිම්බාබ්වේ තරග සංචාරයේදී තරග පාවාදීමක් සිදුවූ බව තමන් හෙළි කළ බවද ඔහු සදහන් කළා. එමෙන්ම අල් ජසිරා නාලිකාව හෙළිදරව් කලේ ඕස්ට්‍රේලියානු සංචාරයේ මෙන්ම ඉදිරියේදී වීමට හැකි දේවල් පිලිබදව බවයි. තමන් ඇතුළු හිටපු ක්‍රීඩකයින් මේ පිලිබදව සාකච්ජා කල බවත් මෙම තත්ත්වය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සදහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ඔහු කියා සිටියා.

මෙවැනි සිදුවීම්වලින් මෙරට කි‍්‍රකට් කි‍්‍රඩාව හෑල්ලූවට ලක් වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. වීරාත් කෝලි, ඒබී ඩිවිලියර්ස් වැනි ක්‍රීඩකයින් පසුගිය සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෑල්ලුවට ලක් කල බවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් මුදවා ගැනීම සදහා තමන් ඇතුළු හිටපු ක්‍රීඩකයින් සුදානම්ව සිටින බවයි.