Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක 20-20 කි‍්‍රකට් පිලේ නායකත්වය අෆ්රිඩිට

කසුන් කැලුම්




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගයට එක්වන ලෝක විස්සයි 20 කි‍්‍රකට් පිලේ නායකත්වය සඳහා සහීඞ් අෆ්රිඩි පත් කර තිබෙනවා. ඒ, මීට පෙර නායකයා ලෙස නම් කළ එංගලන්තයේ ඉඔයින් මෝගන් ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරගයෙන් ඉවත් වීමත් සමගයි. 

ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටි ශකීබ් අල් හසන් සහ හර්දික් පාන්ඩියා ද මෙම තරගයට සහභාගී නොවන බව ඊයේ (29) ප‍්‍රකාශ කළා. ලෝක විස්සයි 20 කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එම තරගය එංගලන්තයේ ලෝර්ඞ්ස් කි‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ලෝක කණ්ඩායමට තිසර පෙරේරා ද ඇතුළත්ව සිටිනවා.