Sunday, May 5, 2024

General line - 0115112241

ජල සේවක වර්ජනය දිග්ගැස්සෙයි (UPDATE)

දිල්ශාන් තුෂාර




සිය ගැටලූවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ඉකුත් 28වනදා ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසනවා. එහි කැඳවුම්කරු උපාලි රත්නායක පැවසුවේ අද සිට සියලූ සේවකයින් අතිකාල ප‍්‍රතික්ෂේප කිරීමටත්, සති අන්ත නඩත්තු සේවා මුර වාර්තා නොකිරීමටත් තීරණය කර ඇති බවයි.

මේ හේතුවෙන් ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
-----------------------------------------

දිවයින පුරා ජල සේවකයෝ අද වැඩ නෑ

31-05-2018 06:43

රටපුරා ජල සේවකයින් අද (31) වැඩවර්ජනයක නිරත වනවා.

ඒ, පොරොන්දු වූ සියයට 25ක වැටුප් වර්ධකය එලෙසින්ම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ ඊයේ (30) දින සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද දිනයේ මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි. ඒ අනුව අද දිනයේ  පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා දිවයින පුරා සේවකයන් රාජකාරීවලින් බැහැරව සිටිනු ඇති බවද සඳහන් කළා.

සිය වෘත්තීය සමිති අරගලය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දෛනික කටයුතුවලට බාධා සිදුවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සේවා බිඳවැටීම් නිසා පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා පිළිබඳ ආණ්ඩුව වගකීම භාරගත යුතු බවද ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියා.