Thursday, May 2, 2024

General line - 0115112241

චන්දිමාල් කොදෙව් දේශයේදී වැඩ පෙන්වයි

කසුන් කැලුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තුන් දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (30) සමත් වුණා.

පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 6ක් දැවි රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 318ක්.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම දැවී ගියා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 65 යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 ක් සහ රොෂේන් සිල්වා ලකුණු 28ක් රැස් කළා.

ටි‍්‍රනිඩෑඞ් හි බ‍්‍රයන් ලාරා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම පුහුණු තුන් දින තරගයේ දෙවැනි දිනය අදයි.