Thursday, May 2, 2024

General line - 0115112241

අධිකරණ තීන්දුවෙන් අපට බලපෑමක් නැහැ - තීරණය කී‍්‍රඩා ඇමති අතේ




අධිකරණ තීන්දුව හරහා තමන් ඇතුලූ පිරිසට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තවදුරටත් කටයුතු කිරීමට කිසිදු බලපෑමක් නොමැති බව එහි සභාපති තිලංග සුමතිපාල අද (31) ප‍්‍රකාශ කළා. එ් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. -

අධිකරණයෙන් අපිට වාරණයක් නැහැ. අධිකරණයෙන් තියෙන වාරණය කොටස් දෙකක්. නිලධාරීන් තෝරා පත්කර ගැනීම නවත්තලා තියෙනවා. මහා සභාව කැන්සල් කරලාත් නෑ. දෙවැනි එක අපි සංශෝධන ගේන්න ගියා ව්‍යවස්ථාවට කී‍්‍රඩා නීතිය ප‍්‍රකාරව එ්කත් කරන්න එපා කියලා අතිහිටුවලා තියෙනවා එච්චරයි. අපිට ඉස්සරහට වැඩ කරගෙන යාම කටයුතු කරගෙන යාම කිසිම වාරණයක් නැහැ.

නීතිය කි‍්‍රයාත්මක කරන එක තියෙන්නේ කී‍්‍රඩා අමාත්‍යවරයාට. අමාත්‍යවරයා ගන්න තීන්දුව නීත්‍යානුකූලයි. කී‍්‍රඩා අමාත්‍යවරයාට පුලූවන් අපට මාස 3ක් කල් දෙන්න. කි‍්‍රකට් අතුරුපාලක කමිටුවක් පත්කළ හොත් සිදුවිය හැකි හානිදායක තත්වයන් බලපෑම් පිළිබද අපි කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කළා. කී‍්‍රඩා අමාත්‍යවරයා දෙපැත්ත තුන්පැත්ත බලලා අවසන් තීරණයක් ගන්න වෙනවා. එ් තීරණයට අපි ගරු කරනවා. අද පැවැත්වීමට නියමිත වූ කි‍්‍රකට් නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන මස 14 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි ඊයේ අතුරු තහනම් නියෝගයක් කළා.

තවකාලික අතුරු පාලක කමිටුවක් පත් කිරීම පිළිබදව ක‍්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර එහි තීරණය තවත් නොබෝ වේලාවකින් පැවැත්වෙන කී‍්‍රඩා අමාත්‍යංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී දැනුම් දීමට නියමිතයි.