Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති සමග වාදයකට සූදානම් - ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කියයි

ලහිරු කපුගේ




වත්මන් ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (30) සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පැහැදිළි වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ මේබව කියා සිටියා.

ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාවල වරද එක්සත් ජාතික පක්ෂය පිට පමණක් පැවරිය නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප‍්‍රකාශය පරිදි විවෘත සංවාදයකට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර කියා සිටියේ.