විසිවන සංශෝධනය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම මිරිගුව හඹා යාමක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.
"මෙය අසද් භාවයෙන් රට අරාජික කිරීමේ අරමුණින් ගෙන එන යෝජනාවක්. පාර්ලිමේන්තුවේ මේ පවතින සංධර්භය තුළ එවැනි යෝජනාවක් සම්මත කිරීම මිරිඟුවක් පසුපස යාමකි වගේවයි"
අමාත්‍ය පී හැරිසන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විධාය ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයැයි මතයේ සිටි බවය. එය පසුගිය ජනාධිපතිවරණයේදී ද පැවසූ බවයි ඔහු පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ මෙම යෝජනාවට සහය දෙනවාද නැද්ද යන්න පක්ෂයක් ලෙස ඉදිරියේදී තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.