Monday, May 13, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය චීන ගණිකා මඩමක් මාට්ටු

සම්පත් කුමාර




විදේශිය කාන්තාවන් යොදා ගනිමින් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් පිලිබඳව ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිස්ථානය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත, පරික්ෂා කිරිමේදි ගණිකා සේවයේ යෙදෙමින් සිටි චීන ජාතික කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවු වයස 39,38,48,45 පසුවන්නියන් වන අතර  මොවුන් සම්බන්ධයෙන් පරික්ෂා කිරිමේදි මෙරට රැඳී සිටිම සදහා වලංගු වීසා නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන අතර සැකකාරියන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.