Friday, May 3, 2024

General line - 0115112241

ඇමති නියෝගයෙන් කණිෂ්ඨ මලල කී‍්‍රඩා කළමණාකරු ජපන් සංචාරයෙන් ඉවතට

කසුන් කැළුම්




කණිෂ්ඨ මලල කී‍්‍රඩා කළමණාකරු අනිල් වීරසිංහ ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියෙන් ඉවත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිනියක වන අයිරාංගනී රූපසිංහ සමග මොහු ඉකුත්දා ගැටුමක්ද ඇතිකර ගත්තා. නිමා වූ දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී රාජකාරී පැහැර හැර ඇති බවටද අනිල් වීරසිංහට චෝදනා එල්ල වුණා.

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නව කළමණාකරු ලෙස සුසන්ත ප‍්‍රනාන්දු පත්කර තිබෙනවා.