Monday, May 13, 2024

General line - 0115112241

ජනපති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සතිපතා කරන්න වැඩක් පවරයි




ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු සතියකට එක් පොතක් හෝ කියවන්නේ නොමැති නම් මන්තී‍්‍රකමින් පලක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා පොළොන්නරුවේ පැවති වැඩමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

දේශපාලන පක්‍ෂයක තිිබිය යුතු විනය දේශපාලනඥයින් තුළද තිබිය යුතු බවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.