Thursday, May 2, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලකුණු අතරට

කසුන් කැළුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවති පුහුණු තුන්දින තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම විශේෂත්වයක්.

තරගය පැවැත්වුණේ ටි‍්‍රනිඩෑඞ්හි බ‍්‍රයන් ලාරා කී‍්‍රඩාංගණයේදීයි. පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී 428 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 108 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 74 සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 65 ක් රැස් කළා.

කොදෙව් කි‍්‍රකට් සභාපතිවරයාගේ පිළ සිය පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 272 ක් පමණයි. කෙදෙව් පළමු ඉනිමේදී දිල්රුවන් පෙරේරා, ලහිරු කුමාර සහ අකිල ධනංජය කඩුළු 3 බැගින් දවා ගත්තා. 3 වන දිනය නිමාවනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කිසිවෙකු නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 135 ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60 යි. කුසල් ජනිත් ලකුණු 50 ක් රැස් කළා. කොදෙව් - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 6 වනදා ආරම්භවීමට නියමිතයි.