Friday, May 3, 2024

General line - 0115112241

ඇලෙස්ටෙයාර් කුක්ගෙන් ටෙස්ට් වාර්තාවක්




ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක ඇලන් බෝඩර් පිහිටුවා තිබූ ටෙස්ට් වාර්තාවක් බිද හෙළීමට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සමත්ව තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට කී‍්‍රඩා කරමින්. 

ඇලන් බෝඩර් අඛණ්ඩව ටෙස්ට් තරග 153 ක් කි‍්‍රඩා කරමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවා. පාකිස්තානු කණ්ඩායම සමග ලීඞ්ස්හිදි ඊයේ (01) ආරම්භ වූ ටෙස්ට් තරගය ඇලෙස්ටෙයාර් කුක් අඛණ්ඩව සහභාගි වන 154 වන ටෙස්ට් තරගයයි. එම තරගයේදී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 46 ක් රැස් කිරීමටද ඇලෙස්ටෙයාර් කුක් සමත් වුණා.