Friday, May 3, 2024

General line - 0115112241

අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට නව කණ්ඩායම් 04ක්




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ එක් දින ශ්‍රේණීගත කිරීම් සටහනට අලූතින් කණ්ඩායම් 04ක් එක් කර තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය හා නේපාලය යන කණ්ඩායම්. ඊයේ (01) සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම කණ්ඩායම් 04 එක්දින ශ්‍රේණිගත කිරිම් සටහනට ඇතුළත් කර තිබෙනවා. 

ඉකුත් වසරේ පැවැති ලෝක කි‍්‍රකට් ලීග් තරගාවලියේදී මෙම කණ්ඩායම් දැක්වූ දක්තා අනුව මෙම වර්ගීකරණ සිදු කළ බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ. නව එක් දින ශ්‍රේණිගත කිරිම් වලට අනුව ස්කොට්ලන්තයට 13වන ස්ථානයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 14 වන ස්ථානයත් හිමිව තිබෙනවා. නෙදර්ලන්තයට 15වන ස්ථානය හිමිව ඇති අතර නේපාලය පසුවන්නේ 16වන ස්ථානයේයි.  

එක්දින ශ්‍රේණිගත කිරිම් සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇති අතර ශි‍්‍ර ලංකාව පසුවන්නේ එම සටහනේ 08වන ස්ථානයේයි.