Monday, May 13, 2024

General line - 0115112241

පැහැර ගත් මාස 08 දරුවා සොයා ගැනේ (PHOTOS)

වවුනියාව - මාධව කුලසූරිය




වවුනියාව ප්‍රදේශයේ නිවසකින් ඉකුත් දා පැහැර ගනු ලැබූ මාස අටක් වයසැති දරුවා මුලතිව්,පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය සදහන් කරනවා.

පොලිසිය සදහන් කරන්නේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් සමග සිටියදී දරුවා සොයා ගැනීමට හැකිවූ බවයි.

වවුනියාව පොලිසිය සඳහන් කලේ පසුගිය 31 වැනිදා අලුයම් වැන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මුලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවයි.

පැහැර ගැනීමට ලක්වූ දරුවා‍ගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බවයි. අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සදහන් කළා.

පොලිසිය පැවසූවේ දරුවා පැහැරගෙන ගිය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවු බවත් මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත සැකකරුවන් සමඟ දරුවා සොයා ගැනීමට හැකිවු බවයි.