Monday, May 13, 2024

General line - 0115112241

දකුණේ පැතිරී යන වෛරස් උණ පාලනය හදීසි තත්ත්වයක් සේ සලකන්න - මන්ත්‍රී රමේෂ්

ජනක චන්දන




දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා හදිසි තත්ත්වයක් සේ සලකා සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. එහෙත් බලධාරීන් සැබෑ තත්ත්වය යටපත් කරමින් කටයුතු කරන බවයි මන්ති‍්‍රවරයා පෙන්වා දුන්නේ. මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දකුණේ පැතිරෙන වෛරස් උණ රෝගය හේතුවෙන් ගාල්ල සහ මාතර රෝහල් වල පුද්ගලයින් 22 දෙනෙක් මිය ගොස් ඇති අතර තම දරුවන්ට මෙම රෝගය වැළදේ යන බියෙන් දෙමවුපියන් සිටින බවයි.

සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට පවා ඉන්ෆ්ලූවන්සා එන්නත ලබා දීමට බලධාරින් මෙතෙක් කි‍්‍රයාමාර්ග ගෙන නොමැති බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ පෙන්වා දුන්නා.