Sunday, May 5, 2024

General line - 0115112241

දැනට පවතින කාළගුණය තවදුරටත්




දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පෙන්වා දෙන්නේ.
 
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව පළාතේ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරනවා.

අම්පාර, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි බවයි වැඩි දුරටත් කාළගුණ විද්‍යා වාර්තා පෙන්වා දෙන්නේ.

දකුණු පළාතෙත් මොණරාගල, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බවද වාර්තා කරනවා.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 35-45ත් අතර විය හැකි බවයි සඳහන් කරන්නේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවද එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද සඳහන් කළා.