Monday, May 6, 2024

General line - 0115112241

එජාපයෙන් විශේෂ ආරාධනාවක් - තිස්සටත් අදාළයි

හේමන්ත කහවලගේ




විවිධ හේතුන් නිසා පක්ෂය අතහැර ගිය  ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය සමග එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජි කාරියවසම් පවසනවා.

ඒ සඳහා ඔවුන් සියලූ දෙනාට විවෘත ආරාධනාවක්ද කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකටද මෙම ආරාධනය වලංගු වන බව නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා. සියලූ දෙනාගේ එකමුතුවෙන් පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරිම තම අපේක්ෂාව බවයි ඔහු අවධාරණය කළේ.