Monday, May 6, 2024

General line - 0115112241

තැපැල් වැඩවර්ජනය අද

ලහිරු කපුගේ




තැපැල් සේවකයන් අද (03) මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා.

සිය වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ ආණ්ඩුව වගකීම භාරගත යුතු බවයි ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද පැවසුවේ.

බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට විසඳුම් ලබා දි වැඩවර්ජනය වළක්වා ගැනීමේ හැකියාව ආණ්ඩුවට තවමත් තිබෙන බවද ලංකා තැපැල් සේවා සංගමය වැඩිදුරටත් කියා සිටියා.