Monday, May 6, 2024

General line - 0115112241

ජල සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය දුරදිග යන ලකුණු

ලහිරු කපුගේ




සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග හේතුවෙන් ජල සැපයුම් සහ මලඅපවහන කටයුතුවලට බාධා පැමිණ ඇතැයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මේ බව සඳහන් කළා.

සිය ඉල්ලීම්වලට බලධාරීන් තවදුරටත් ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග වඩාත් දැඩි කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පොරොන්දු වූ සියයට 25ක වැටුප් වැඩිවීම තමන්ට ලබා නොදුන්නත් සමගාමී වෙනත් සේවාවන්ට එම වැටුප් වැඩිවීම ලබාදී ඇතැයි ද ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කියා සිටියා.