Friday, May 17, 2024

General line - 0115112241

අමෙරිකාවේ ක්‍රියා මිතුරු රටවලුත් විවේචනය කරයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇලූමිනියම් සහ වානේ ආනයනය සඳහා පැනවූ බදු හේතුවෙන් අමරිකාවට රටවල් රැසකින් චෝදනා එල්ල වනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඊයේ කැනඩාවේ පැවැති ජී 7 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී ද අමරිකාවේ කි‍්‍රයාකලාපය දැඩි විවේචනයට ලක්වූ බවයි.

එලෙස විවේචන එල්ල කළ රටවල් අතර අමෙරිකාවේ සමීපතම යුරෝපානු රටවල් කිහිපයක් සිටීමත් විශේෂත්වයක්. ඒ අතර පෙරමුණෙහි පසුවන්නේ ප‍්‍රංශය සහ කැනඩාවයි. 

අමරිකාවේ මෙම හිතුවක්කාර කි‍්‍රයාකලාපය හමුවේ තවත් දින කිහිපයකින් වෙළඳ යුද්ධයක් හට ගනු ඇති බවටද ප‍්‍රංශය අනතුරු අඟවා තිබෙනවා.