Friday, May 3, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පළමු කඩඉම පනිති (UPDATE)

කසුන් කැළුම්




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශෂිකලා සිවර්ධන ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් අද (03) සමත් වුණා.

එ් පළමු තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලූ 6කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කී‍්‍රඩිකාවන් ලකුණු 63කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුගන්ධිකා කුමාරි ලකුණු 17කට කඩුලූ 3ක් බිද හෙලූවා. උදේශිකා ප‍්‍රබෝධිනී, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර අතරේ කඩුලූ දෙක බැගින් බෙදීගියා.

ලකුණු 64ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකාරිනියන් දෙපළ පළමු කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගුවා.

යශෝධා මෙන්ඩිස් ලකුණු ලකුණු 20 යි. නිපුණි හංසිකා ලකුණු 23ක් රැස් කළා. ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවන් ජයග‍්‍රාහී ඉලක්කය පන්දුවාර 14 යි පන්දු 3ක් අවසානයේ කඩුලූ 4ක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. තරගයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස  සුගන්ධිකා කුමාරි සම්මාන ලැබුවා.

 

----------------------------------

ආසියානු කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය අද සිට

(03-06-2018 09:52)

 

ආසියානු කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය මැලේසියාවේදී අද (03) ආරම්භ  වනවා.

ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, තායිලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය සහ සත්කාරක මැලේසියාව මෙහිදී තරග වැදීමට නියමිතයි.

අද දිනයේදී තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව සමගින් සත්කාරක මැලේසියාව තරග වදින අතර පාකිස්තානය සමගින් තායිලන්තය තරග වැදීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන්නේ ශෂිකලා සිරිවර්ධනයි. ආසියානු කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති. අවසන් මහ තරග ලබන ජුනි මස 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.