Monday, May 13, 2024

General line - 0115112241

ලොවපුරා දැඩි කතාබහක් ඇති කළ ඇෆ්ගන් දඟ පන්දු යවන්නා ලෝක වාර්තාවක් අභියස

තරංග රුක්ෂාන් ජයසේකර (අන්තර්ජාලය ඇසුරෙන්)




මේ දිනවල ක‍්‍රිකට් පිටියේ දැඩි කතාබහක් ඇති කළ දඟ පන්දු යවන්නා වන ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. ඒ, අඩුම කාලයක් තුළ පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ කඩුලූ 50ක් බිඳ හෙලූ පන්දු යවන්නා බවට පත්වෙමින්. 

ඒ සඳහා ඔහුට තවත් බිඳ හෙළිය යුත්තේ එක් කඩුල්ලක් පමණයි. තරග 30කට ක‍්‍රීඩා කර ඇති රශීඞ් ඛාන් මේ වනවිට කඩුලූ 49ක් බිඳ හෙළා තිබෙනවා. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ වසර දෙකයි දින 220ක් පමණයි. ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන පන්දුවාර 20 තරගයේ දී ඔහු මෙම වාර්තාව පිහිටවනු ඇති බවටයි ක‍්‍රීඩා විචාරකයින් පවසන්නේ.