Monday, May 13, 2024

General line - 0115112241

සිසුන් ඇතුළත් කර ගැනීම කල් දමයි

අමදෝරු අමරජීව




නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සංනිවේදන හා  ව්‍යාපාර අධ්‍යන පීඨ සඳහා ඉදිරි අධ්‍යන වර්ෂයට නවක සිසුන් ඇතුලත්කර ගැනිම දින නියමයක් නොමැතිව  කල් දැමු බව මණ්ඩපාධිපති වී. කනකසිංහම් පැවසුවා.

නවන සිසුන් ඇතුළත් කරගැනීම ලබන 05වැනිදා එනම් හෙටට නියමිතව තිබූ අතර මෙම පීඨවල දැනට අධ්‍යන කටයුතුවල නිරත සිසුන් ආරම්භකර ඇති අඛණ්ඩ පංති වර්ජනය සැලකිල්ලට ගෙන පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබෙනවා.

නවක සිසුන් ඇතුළත් කරගන්නා දිනය පසුව දැනුම්  දීමට බලධාරින් තිරණය කර ඇති බවයි සඳහන් කෙරුණේ.