Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපතිට කේන්ති ගියා සිද්ධියෙන් පසු වෙල්ගමට මධ්‍යම කාරක සභාවේ ඇරයුම් නෑ

සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (03) පැවති රැස්වීම නීති විරෝධී බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම චෝදනා කරනවා.

ඊයේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා, විධායක සභා සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලට ඔහු සහභාගී වී සිටියේ නැහැ. පක්ෂයේ තනතුරු වෙනස් කෙරුණු මෙම තීරණාත්මක රැස්වීම පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.

කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා ඊට සහභාගී නොවුණේ මන්දැයි නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මාධ්‍යවේදීන් ඊයේ විමසා සිටියා.

එහිදී සඳහන් කෙරුණේ  "වෙලගමලට..ඩලස්ලට..පවිත්‍රලාට ඔවුන්ට මුල් කාලයේ ආරාධනා කළා.. හැබැයි පක්ෂ ව්‍යවස්ථාව අනුව තුන් වරකට වඩා සහභාගී නොවන කොට ඉබේම ඒගොල්ලොන්ගේ තනතුරු අහෝසි වෙනවා." යනුවෙනි. 

එසේ නම් ඊයේ පැවති තීරණාත්මක රැස්වීමට සහභාගී නොවුනේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ඒකාබද්ධ විපක්ෂයේ අපි 05 දෙනෙක් මේ තනතුරුවල ඉන්නවා.. හැබැයි දැන් මාස 05කින් විතර මධ්‍යම කාරක සභාවට එන්න මට කිසිම දැනුම්දීමක්.. ආරාධනාවක් කලේ නෑ..ඔය ආරාධනා කළා කියන කතාව පට්ටපල් බොරුවක්. ඒකට ප්‍රධානම හේතුව තමයි ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක ජනාධිපතිතුමා ඉදිරියේදීම මධ්‍යම කාරක සභාවේදී මම අනුමත කළා. මම කිව්වා ඒක ජනාධිපතිතුමා දීපු පොරොන්දුවක්.. කියලා.. හැබැයි ඒ වෙලාවේ ඩිලාන් පෙරේරා සහ දයාසිරි ජයසේකර ඒකට විරුද්ධව කතා කළා. ඒගොල්ලො මට ගොඩක් දොස් කිව්වා ඒකට.. පස්සේ ජනාධිපතිතුමාට කේන්ති ගිහිල්ලා.. මේ කතාව සම්පූර්ණයෙන්ම නවත්තලා..මින් පස්සේ මේ කතාව කතා කරන්න බෑ කියලා කිව්වා. එතකොට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා මම කියපු නිසා තමයි මාව කැෙඳෙව්වේ නැත්තේ. " යනුවෙනි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මධ්‍යම කාරක සභාව සඳහා තෝරාපත් කර ගැනීම ද ඊයේ සිදු වුණා.