Saturday, May 18, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය ඇරඹෙයි

තරංග රුක්ෂාන් ජයසේකර/හේරත් ඒකනායක




තැපැල් සේවකයින් මේ වනවිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

වෘත්තීය සමිති පවසන්නේ තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථීර නොකිරීම ද මෙම වර්ජනයට එක් හේතුවක් බවයි. වර්ජනය හේතුවෙන් ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වනු ඇති බවටයි පැවසෙන්නේ.

ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කෙරුණු තැපැල් වැඩ වර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මාධ්‍ය වෙත සඳහන් කළේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තැපැල් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා බවයි.

තැපැල් සේවකයන් පිරිසක් වැඩවර්ජනයක නිරත වුවද සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි තැපැල්පති රෝහණ අබේරත්න ද නෙත් නිවුස් වෙත කියා සිටියේ.  වැඩවර්ජනයෙන් ජනතාවට පීඩාවක් ඇති නොවනු ඇති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.