Saturday, May 18, 2024

General line - 0115112241

සරත් ෆොන්සේකාගෙන් ඇලෝසියස්ගේ මුදල් ගැන යළි පැහැදිළි කිරීමක්

රොෂාන් තුෂාර




අමාත්‍ය සරත් ෆොන්සේකා අර්ජුන් ඇලෝසියස්ගේ සිද්ධිය සම්බන්ධයෙන් යළි පැහැදිළි කිරීමක් සිදු කරනවා.

අර්ජුන් ඇලෝසියස්ව තමන් දැක නොතිබූ බවත් ඔහු සමග එකට සිට තේ කෝප්පයක්වත් පානය කර නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එහිදී  "ඡන්ද කාලෙදී ඇවිත් මටත් රුපියල් ලක්ෂයක් දීලා ගියා. පක්ෂයේ ඒ වෙලාවේ යන වියදම්වලට එම මුදල් මම කෙනෙකුට භාර දුන්නා. එක සාමාන්‍ය දෙයක්.. බැඳුම්කරයේ ඔච්චර ගැඹුරක් ගැන ඒ වෙලාවේ කවුරුත් දැනන් හිටියේ නෑ.. දුන් මුදල් අලෝසියස්ට අවශ්‍ය නම් අාපසු හරි දෙන්න පුළුවන්. එයින් ලොකු දෙයක් කරන්න බෑ.." යනුවෙන්ද සඳහන් කළා.

ඊයේ (03) පස්වරුවේ පොළොන්නරුව මනම්පිටිය විල රක්ෂිතයේ කුඹුක් ගස් කපා දැමීමේ සිද්ධියකට අදාලව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍යට මෙම අදහස් පළ කෙරුණා.