Tuesday, May 14, 2024

General line - 0115112241

ඩිවිලියර්ස් විශේෂ සම්මානයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ඉකුත්දා ක‍්‍රිකට් පිටියේ හදිසියේ සමුගත් දකුණු අප‍්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ට ක‍්‍රීඩකයෙකු වන ඒ.බී.ඩිවිලියර්ස් විශේෂ සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා. ඒ, වසරේ විශිෂ්ටතම දකුණු අප‍්‍රිකානු පන්දුවාර 20 ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙසයි. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ දකුණු අප‍්‍රිකාවේ වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළලේදීයි.

එහිදී වසරේ ක‍්‍රීඩකයා, විශිෂ්ටතම ටෙස්ට් සහ එක්දින ක‍්‍රීඩකයා ඇතුළු සම්මාන 06ක් වේග පන්දු යවන ක‍්‍රීඩක කගිසෝ රබාඩා විසින් දිනාගනු ලැබීම ද විශේෂත්වයක්.