Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට ළං වෙයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ මැලේසියාව පරදවති. මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය දෙවන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් අද (04) සමත් වුණා. එ් සත්කාරක මැලේසියාව ලකුණු 90 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 136ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය මැලේසියානු කී‍්‍රඩිකාවන්ට නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7ක් දැවී රැස් කළේ ලකුණු 47ක් පමණයි.

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් යශෝධා මෙන්ඩිස් ලකුණු 36ක් සහ හසිනි පෙරේරා ලකුණු 32ක් රැස් කළා. පන්දුවාර විස්ස කි‍්‍රකට් දිවියේ සිය හොදම පන්දුයැවීම වාර්තා කළ නිලක්ෂි ද සිල්වා ලකුණු 13ට කඩුලූ 3ක් දවා ගැනීමට සමත් වුණා. නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 12කට කඩුලු 2 යි.

තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.