Friday, May 3, 2024

General line - 0115112241

සෞදියේ නව පෙරළියක් ඇති කරමින් සිදුවූ දේ

දිනුක් හේවාවිතාරණ-විදෙස් පුවත් ඇසුරෙන්




කාන්තාවන්ට රිය පැදවිම තහනම් කර තිබු ලොව එකම රට වන සෞදි අරාබිය ඊයේ (04) එම නීතිය තවදුරටත් වලංගු නොවන බව පසක් කරමින් පළමු වරට කාන්තාවකට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සිදුකරනු ලැබුවා.

සෞදි ගමනා ගමන පාළක අධ්‍යක්ෂකවරයා කියා සිටියේ පළමු කාන්තා රියදුරු බලපත්‍රය ලද කාන්තාවට විදෙස් රටක රියදුරු බලපත්‍රයක් හිමිව තිබුනු බවයි. කෙසේ වුවත් සෞදි නීතිය අනුව ඇයගේ වාහන ධාවන හැකියාව, ඇස් පරික්ෂා කිරිම් ඇතුලු වෛද්‍ය පරික්ෂණවලින් අනතුරුව ඇයට සෞදි රියදුරු බලපත්‍රය ලබාදිම සිදු කල බවයි.

ඊයේ දිනයේදී සෞදි අරාබියේ කාන්තාවන් 10 දෙනෙකුට රියදුරු බලපත්‍ර ලබාදී තිබෙනවා.

සෞදි ගමනා ගමන පාළක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉදිරි සතිය තුල තවත් රියදුරු බලපත් 2000ක් නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඉස්ලාම් නිතිය යටතේ කාන්තාවන්ට රිය පැදවිම තහනම් වුවත් සෞදි අරාබියේ පාළකවරයා විසින් 2017 වසරේදි කාන්තාවන්ට රිය පැදවිමට අවසර ලබා දෙන බව ප්‍රකාශ කළ අතර එම තිරණය පිටුපස සිටියේ ඔටුන්න හිම් සල්මාන් කුමරු බවයි වාර්තා වන්නේ. 

ඒ 2030 වසර වන විට සෞදි අරාබියේ නව ආර්ථික පුනරුදයක් ඇති කරලිම සඳහා සල්මාන් කුමරු ගෙන යන වැඩපිළිවලේ එක් කොටසක් වුනේ කාන්තාවන්ට සමානාත්මතාවය ලබාදීම හා ඒ හරහා ඔවුන් රටේ ආර්ථිකය ගොඩනැංවිම් කාර්යට එක් කර ගැනිමයි. කාන්තාවන්ට රිය පැදවිමේ නිදහස ලබා දීම එහි එක් අංගයක් වුණා.

මේ අතර සෞදි අරාබියේ විශ්ව විද්‍යාල පහක් (05) කාන්තාවන්ට රිය පැදවිමේ පුහුණු පාඨමාලාවන් ආරම්භ කර තිබෙන බවයි සෞදි පුවත් සේවය සඳහන් කරන්නේ.