Tuesday, May 14, 2024

General line - 0115112241

කාන්තා ක්‍රිකට් නව තේරීම් කමිටුවත් පත් කරයි




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් පත්කර තිබෙනවා. 

රසාන්ජලි ද අල්විස්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට තවත් සාමාජික සාමාජිකාවන් තිදෙනෙක් ඇතුළත්.

මැයි 16 වැනි දා සිට වසරක කාලයකට මෙම තේරිම් කමිටුව පත් කර තිබෙනවා.

නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව මෙසේයි,

රසාන්ජලී ද අල්විස් -  සභාපතිනී
කේ.කේ.ජේ. ඉන්දිකා - සාමාජිකා
බී.ඒ.ටී.එන්. ගුණරත්න - සාමාජිකා
වරුණ වරාගොඩ - සාමාජික