Wednesday, May 15, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බේරගන්න බලධාරීන් ICCය හමුවට

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිසි බලධාරියකු යටතට පත් කිරීමත් සමග ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් හිමිවන මුදල් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

කි‍්‍රකට් නිලවරණය ජූනි 14 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි යටතට පත් කිරීමටයි කි‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කළේ. 

එ් සමග ඉදිරි මාස 06 සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට හිමිවීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 4.7ක මුදලක් අහිමි වීමේ අවදනාමක් පවතින බවටයි වාර්තා පළ වන්නේ. එසේ වුවහොත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ශ‍්‍රී ලංකා සාමාජිකත්වයටද බලපෑම් එල්ල විය හැකි බවට වාර්තා පළ වනවා. කඩිනමින් නිලවරණය පවත්වා කි‍්‍රකට් ආයතනය සඳහා නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය දැඩි පියවරක් ගනු ඇති බවද සඳහන්.

උද්ගත වී ඇති මෙම තත්ත්වය පිළිබඳ නෙත් ස්පෝර්ට්ස්මන්  කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරිගෙන් වීමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට (06) දිනයේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවන බවයි. 

ඩුබාහි හි පැවැත්වෙන මෙම සාකච්ඡාවට කී‍්‍රඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා ද සහභාගි වන බවයි කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.